බ්‍රිතාන්‍ය සටනේ දිවි ගලවා ගත් අවසන් නියමුවා මිය යයි

බ්‍රිතාන්‍ය සටනේ දිවි ගලවා ගත් අවසන් නියමුවා මිය යයි

බ්‍රිතාන්‍ය සටනේ අවසන් නියමුවා වූ ජෝන් පැඩි හෙමිංවේ මියගොස් ඇතැයි වාර්තා වේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 105 කි.

ඩබ්ලින්හි පදිංචිකරුවෙකු වූ හෙමිංවේ දෙවන ලෝක යුද්ධයට පෙර තරුණයෙකු ලෙස රාජකීය ගුවන් හමුදාවට (RAF) සම්බන්ධ වී ඇත.

පසුව වයස අවුරුදු 21 දී ඔහු බ්‍රිතාන්‍ය සටනේ ප්‍රහාරක නියමුවෙකු බවට පත්ව තිබේ.

එම කාලය තුළ ජර්මානු ගුවන් හමුදාව වන ලුෆ්ට්වාෆේ විසින් සිදු කරන ලද මහා පරිමාණ ප්‍රහාරයකට එරෙහිව ගුවන් හමුදා නිලධාරීන් විසින් මාස තුනක කාලයක් ගුවන ආරක්ෂා කර ඇත.

සඳුනි තිලකරත්න

Share This