ජෝ රූට් ජැක් කාලීස්ව පසු කරයි

වැඩිම ටෙස්ට් ලකුණු රැස්කරගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ තෙවැන්නා වීමට එංගලන්තයේ ජෝ රූට් අද (25) සමත්විය.
ඒ, ඉන්දියාව සමඟ පැවැත්වෙන සිව් වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදීය.
ඒ අනුව ඔහු පසු කර ගියේ දකුණු අප්‍රිකාවේ තුන් ඉරියව් ක්‍රීඩක ජැක් කාලීස්වය.
ඔහු තරග 166කදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 13,289කි. ජෝ රූට් මේ දක්වා ලකුණු 13,300ක් රැස්කරගෙන ඇති අතර ඒ සඳහා ඔහු තරග 157කට ක්‍රීඩා කර ඇත.
අදාළ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ දෙවැන්නා වන රිකි පොන්ටිං ලකුණු 13,378ක් ද පළමුවැන්නා වන ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් ලකුණු 15,921ක් ද ලබාගෙන සිටිති.