JICA වෙතින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ඩ්‍රෝන කැමරා

ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් JICA (Japan International Cooperation Agency) වෙතින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ඩ්‍රෝන කැමරා පරිත්‍යාග කිරීමක් සිදු කෙරේ.
JICA ආයතනය මගින් ක්‍රියාත්මක SLIDER ව්‍යාපෘතිය (Strengthening The Capacity of Landslides for Resilient Road Transportation in Sri Lanka) යටතේ මෙම ඩ්‍රෝන කැමරා පරිත්‍යාග කිරීම සිදුවිය. JICA ආයතනයේ නියෝජිත නෝරු මත්සුනෝෂිටා (Mr. Noru Matsunoshita) මහතා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන් මහතා වෙත සංකේතාත්මකව ඩ්‍රෝන කැමරාවක් පරිත්‍යාග කිරීම මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු විය.
