පිරිසිඳුම ජපානයේ ලොකු කුණු ප්‍රශ්නයක්
කසළ නීති කඩන පුද්ගලයින් නම් කර ලැජ්ජාවට පත් කිරීමට ජපන් නගරයක් තීරණය කර තිබෙනවා.
ලෝකයේ දැඩිම කසළ බැහැර කිරීමේ නීතිවලින් එකක් ඇති රටල් ලෙස පුරසාරම් දොඩන රටක්වන ජපාන වැසියන්ට තමන්ගේ කුණු වර්ග කිරීම සංකීර්ණ ක්‍රියාවලියක්.
නමුත් ජපාන ෆුකුෂිමා නගරයේ එම නීති තවත් දැඩි වන බවයි වාර්තා වන්නේ.
ලබන මාර්තු මාසයේ සිට, ෆුකුෂිමා නගර රජය නිවැරදිව වර්ග කර නොමැති හෝ නියමිත ප්‍රමාණයේ සීමාවන් ඉක්මවා යන කුණු මලු අයිතිකරුවන් සොයා ඔවුන්ව ප්‍රසිද්ධ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.
පසුගිය අඟහරුවාදා පැවති නාගරික රැස්වීමකදී සම්මත කරන ලද නව රෙගුලාසි, ජපානයේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ගත් නව පියවරක් බවයි එරට බලධාරීන් පවසා ඇත්තේ.
මේ වන විට ජපානයේ කසල කලමණාකරණය පිළිබඳ නීති කඩ කරන පුද්ගලයින්ට මෙවැනි දඬුවමක් ක්‍රියාත්මක නොවන නමුත්, එය කඩ කරන පුද්ගලයිගේ නම් ප්‍රසිද්ධ කිරීමට තීරණය කළ පළමු නගරය ෆුකුෂිමා බව සඳහන්.