ජනවාරි 05 යළිත් හාමනියට ලෑස්තිවෙන්න-ඇතුල්වීම නොමිලේ

ජනවාරි 05 යළිත් හාමනියට ලෑස්තිවෙන්න-ඇතුල්වීම නොමිලේ

Harmony Center සංස්කෘතික අවකාශය සංවිධානය කරන 2025 වසරේ පළමු සංවාදාත්මක සංගීත සැදෑව හෙට (05) සවස 6.00ට බොරලැස්ගමුවේ Harmony Centerහිදී පැවැත්වෙනවා.

ගිය අවුරුද්ද පුරාවට සිනමා, නාට්‍ය දර්ශන සහ කතිකා, සංගීත ප්‍රසංග සහ Human Library, Community Kitchen වැනි වෙනස්ම විදියේ අත්දැකීම් ප්‍රේක්ෂක  ජනතාවට ලබා දෙමින් සති අන්ත වර්ණවත් කරන්න මෙන්ම හරවත් කරන්නට Harmony Center අවකාශයට හැකි වුණා.

කෙටි විරාමයකට පසු හෙට දින නැවතත් ඒ අපූරු නැවුම් අත්දැකීම ඔබට ලබාදෙන්න ඔවුන් සූදානමින් සිටිනවා.

එදාට ජනප්‍රිය ගායනවේදී නදීක ජයවර්ධන සමග No Names Collective සංගීත කණ්ඩායම සංගීතයේ වෙනස් රසයක් එක්ක ඉස්තරම් හවස් වරුවක් මවන්නට සැදී පැහැදී ඉන්නවා.

ඒ වගේම ප්‍ර්‍රවීණ රංගනවේදී ප්‍රියන්ත සිරිකුමාර පුරවැසි සමාජ දේශපාලනය ගැන කරන නැවුම් නාට්‍යමය ඉදරිපත් කිරීමක් පෙරටු කරගත් පැමිණෙන සියලු දෙනාම මැදිහත් වන හර බර සැර සංවාද කවයක් නිර්මාණය කරන්නට සියලු කටයුතු සුදානම් වෙලයි තියෙන්නේ.

ඉතිං Harmony Center සංස්කෘතික අවකාශයේ සංවිධාන ශක්තිය No Names Collective  ඔබ සැමට ආරාධනා කරනවා හෙට මෙම සංගීත සැදෑවයි සංවාදයයි සමඟ එකතු වෙන්න කියලා.

ටිකට් ගන්න ඕනෙ නෑ මේ හැන්දෑව සම්පූර්ණයෙන්ම නොමිලේ.

Share This