ජාඇළ වෙඩි තැබීමක්
වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීම් 99ක්
ජාඇළ ශාන්ත ආනා ප්රදේශයේ නිවසකට අද (24) අළුයම වෙඩි ප්රහාරයක් එල්ල වී තිබෙනවා
අද (24) අළුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසීය සඳහන් කළේ.
වෙඩි තැබීමෙන් නිවසේ ගේට්ටුවට, බිත්තිවලට සහ අසළ නිවාස දෙකක තාප්පවලට හානි සිදුව ඇති අතර එම අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති බවද සඳහන්.
ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්, වෙඩි ප්රහාර 40ක් පමණ එල්ල කර ඇති බවත් වාර්තා වනවා.
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ‘බටුවත්තේ චාමර’ නැමැත්තාගේ ඥාතී නිවසක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
මීට පෙර ද (15) මෙම නිවසට යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබු අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීම් 99ක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 55 දෙනෙකු මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.