ජේ.ආර්.පී සූරියප්පෙරුම අභාවප්රාප්ත වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතා අද (02) අභාවප්රාප්තවී තිබෙනවා.
ඔහු මිය යන විට 96 හැවිරිදි වියෙහි පසු වූ බව සඳහන්.
ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතා හිටපු විශ්වවිද්යා ආචාර්යවරයෙකු මෙන්ම දේශපාලන විචාරකයෙකු සහ ලේඛකයෙකු ද වනවා.
ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දේශපාලනයට පිවිසි අයෙක්. දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.