මිලාන්, දුම්පානය සම්බන්ධයෙන් දැඩිම නීති හඳුන්වා දෙයි
සිගරට් භාවිතය දිගු කලක් තිස්සේ විලාසිතා සමඟ සම්බන්ධ වී ඇතිබව නොරහසක්.
කළු වර්ණය, විලාසිතා ලෝකයේ කිසි විටෙකත් විලාසිතාවෙන් ඉවත් නොවන්නා මෙන් දුම්පානයත් විලාසිතාවක් ලෙසම බද්ධ වෙමින් පවතින ස්වභාවක් දැකිය හැකියි.
නමුත් මේ සබඳතාව කොතරම් තිව්ර වූවත්, 2025 ජනවාරි 1 වන දින සිට ඉතාලියේ මූල්‍ය හා විලාසිතා අගනුවර වන මිලාන්හි “වීදි ඇතුළු සියලුම පොදු ස්ථානවල” දුම්පානය තහනම් කර ඇති බව සී එන් එන් පුවත් සේවය පවසනවා.
මෙම නීතියට අනුගත නොවන ඕනෑම අයෙක් ඩොලර් 41 ත් 249 ත් අතර දඩයකට යටත් වන බව (€40 – €240) සඳහන්.
මෙම පියවර ඉතාලියේ දැඩිම දුම්පාන තහනම සනිටුහන් කරන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මිලාන් ජනගහනයෙන් හතරෙන් එකක් පමණ දුම් පානය කරන බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එකම ව්‍යතිරේකය වන්නේ මිනිසුන් අනෙක් පුද්ගලයින්ගෙන් අවම වශයෙන් මීටර් 10 ක් දුරින් හුදකලා ස්ථානවල සිටින විට දුම් පානයට අවසර තිබීමයි.
නමුත් මෙම තහනම වාෂ්ප හෝ ඉලෙක්ට්‍රොනික සිගරට් සඳහා ඇතුළත් නොවන අතර මෙය සෞඛ්‍යයට වඩා වායු දූෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ගත් පියවරක කොටසක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.