ගාසා ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ඊශ්‍රායල දූත පිරිසක් කටාර් වෙත

ගාසා ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ඊශ්‍රායල දූත පිරිසක් කටාර් වෙත

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සහ සටන් විරාම ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා සඳහා ඊශ්‍රායල දූත පිරිසක් කටාර් වෙත පැමිණෙනු ඇතැයි වාර්තා වනවා.

මෙම සාකච්ඡා පිළිබඳ දැනුමක් ඇති මූලාශ්‍රයක් CNN වෙත පවසා ඇත්තේ, මේ පිළිබඳව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද රැස්වීමක් පවත්වනු ඇති බවයි.

ඊශ්‍රායල ආරක්ෂක ඒජන්සිය, ඊශ්‍රායල ආරක්ෂක හමුදා සහ මොසාඩ් ලෙස හඳුන්වන ඊශ්‍රායල විදේශ බුද්ධි ඒජන්සියේ වෘත්තීය මට්ටමේ නියෝජිතයින් සාකච්ඡා සඳහා කටාර් අගනුවර වන දෝහා වෙත යන බව නෙතන්යාහුගේ කාර්යාලය ද බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය පසුගිය මාස ගණනාවක් තිස්සේ ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමකට එළඹීමට ඊශ්‍රායලය සහ හමාස් දූත පිරිස  උනන්දු කරවූවා.

නමුත්, නිල සාකච්ඡා ඇණහිට තිබූ අතර,ඊශ්‍රායලය සහ හමාස් අතර වක්‍ර සාකච්ඡා පැවතුනත් ඒවා අවසන් වූයේ විසඳුමකින් තොරවයි.

Share This