ඊශ්‍රායලයෙන් ලෙබනනයට ප්‍රහාර

ඊශ්‍රායලයෙන් ලෙබනනයට ප්‍රහාර

ඊශ්‍රායලය විසින් නැගෙනහිර ලෙබනනයේ බෙකා නිම්නය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ. මෙහිදී සිරියාවේ ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සුවයිඩා වෙත එල්ල කළ බවයි.

ගාසා තීරය පුරා පලස්තීන ජාතිකයන් 78 දෙනෙකු පමණ ඝාතනය කිරීමෙන් දිනකට පසුවත් ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් සිටියි.

රටවල් 20කට වැඩි ගණනක පල්ලි නායකයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් තායිබේ නගරයේ ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස ඉල්ලා සිට ඇත. ඉන් පැය කිහිපයකට පසු බටහිර ඉවුරේ පදිංචිකරුවන් බුර්කා ගම්මානයේ පලස්තීන ඉඩම් සහ වාහනවලට ගිනි තබා තිබේ .

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව දැක්වෙන්නේ ඊශ්‍රායලය ගාසා තීරයට එරෙහි යුද්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් 58,386 දෙනෙකු මිය ගොස් 139,077 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

සඳුනි තිලකරත්න

Share This