ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයා ලෙස කටයුතු කරන ගරු රැවෙන් ජේවියර් අසාර් (Reuven Javier Azar) මහතා පසුගියදා (21) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.
කථානායකවරයාගේ පත්වීම පිළිබඳව සුබ පැතුම් එක්කළ තානාපති අසාර් මහතා ඊශ්‍රායල කථානායකවරයාගේ ද උණුසුම් සුබ පැතුම් මෙහිදී පළ කළේය.
සංචාරක, කෘෂිකර්ම, විද්‍යා, ඩිජිටල් තාක්‍ෂණය, වෙළඳාම සහ ආයෝජන සහ වෛද්‍ය ක්ෂේත්‍ර ඇතුළු ප්‍රධාන අංශවල ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, ශ්‍රී ලංකා-ඊශ්‍රායල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ වැදගත්කම ද තානාපතිවරයා අවධාරණය කළේය.
මෙම සුහද සාකච්ඡාවේදී බෞද්ධ දර්ශනය පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කළ කථානායක වෛද්‍ය වික්‍රමරත්න මහතා, එහි ඉගැන්වීම් ලෝක සාමය සහ සහජීවනය පෝෂණය කිරීම සඳහා වැදගත් සර්ව කාලීන දහමක් බවත් පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල ගරු කොන්සල් දිනේෂ් රොද්‍රිගෝ මහතා ද සහභාගී වූහ.