ආණ්ඩුව සැරසෙන්නේ ඔන්ලයින් පනත සංශෝධනය කරන්න ද.?

ආණ්ඩුව සැරසෙන්නේ ඔන්ලයින් පනත සංශෝධනය කරන්න ද.?

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය වෙනස් කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඒ පනත අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ගෙන එනු ලබන පෞද්ගලික මන්ත්‍රී යෝජනාව සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කරයි.

පනත ක්‍රියාත්මක කිරීමට කොමිෂන් සභාවක් පත් කළ යුතු බවත්, එය වත්මන් ආණ්ඩුව විසින් සිදු නොකර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

“මේ පනත අහෝසි කිරීමට රවීකරුණානායක මහතා අරන් ආපු යෝජනාව හොඳයි. ඒ වගේම අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සඳහා දැනටමත් ජනමාධ්‍ය අමාත්‍යංශයත්, ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යංශයත් ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යංශයත් කටයුතු කරමින් පවතිනවා. මේක අවශ්‍යතාවයක්, ජනතාවගේ ආරක්ෂාව, සමාජ මාධ්‍යයේ නිදහස සියල්ල ආරක්ෂා කරගනිමින් අදාළ කරන ක්‍රියාමාර්ගවලට යන්න අපි සූදානම්. ඒ සම්බන්ධයෙන් කටයුතු ආරම්භ වෙලා තිබෙන්නේ. ඒක මට ඉදිරියේදී දැනුම්දෙන්න පුළුවන්කම ලැබෙයි.

මුල් පනතට වඩා සංශෝධන ගණනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මුල් පනත‌ේ හරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා, ඒ සියල්ල ගැන සැලකිලිමත් වෙමින් තමයි අපි ඊළඟ පියවරට යන්නේ.” 

Share This