අයර්ලන්තය දැඩි තීරණයක් ගනියි

අයර්ලන්තය දැඩි තීරණයක් ගනියි

අයර්ලන්තය බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ පිහිටි ඊශ්‍රායල ජනාවාසවලින් භාණ්ඩ ආනයනය සහ වෙළඳාම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙවැනි පියවරක් ගත් පළමු යුරෝපීය ජාතිය ලෙස අයර්ලන්තය ඉතිහාසගත වනු ඇත. මෙම නව නීතිමය යෝජනාව ප්‍රකාශයට පත්කර ඇත්තේ අයර්ලන්ත විදේශ කටයුතු හා වෙළඳ අමාත්‍ය සයිමන් හැරිස්ය. එය දැනටමත් රජයේ අනුමැතිය ලබා ඇති අතර පාර්ලිමේන්තු විදේශ කටයුතු කමිටුව වෙත යොමු කර ඇත.

මෙම නීතිමය යෝජනාව “ඊශ්‍රායල ජනාවාසවලින් භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ පනත් කෙටුම්පත” ලෙස හැඳින්වේ. එම නීතිය ක්‍රියාත්මක වීමෙන් පසු, ඊශ්‍රායල ජනාවාසවලින් භාණ්ඩ ආනයනය කිරීම අපරාධයක් ලෙස සලකනු ලැබේ. එහිදී අයර්ලන්ත රේගු නිලධාරීන්ට එවැනි භාණ්ඩ සෙවීම, අත්අඩංගුවට ගැනීම සහ අත්හිටුවීමේ බලතල හිමිවනු ඇත.

මෙම පියවර ගෙන ඇත්තේ ජාත්‍යන්තර නීතියට අනුව ඊශ්‍රායල ජනාවාසවල අවිධිමත් බව පෙන්වා දුන් ජාත්‍යන්තර අධිකරණය විසින් 2024 ජූලි 19 වැනි දින නිකුත් කළ උපදේශන මතය.

වැඩිදුර අදහස් දක්වමින් හැරිස් පැවසුවේ ගාසා හි සිදුවන මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයන්ට එරෙහිව කටයුතු කිරීම අයර්ලන්තයේ නීතිමය හා නෛතික වගකීමක් බවයි.

මේවන විට මෙම පනත් කෙටුම්පත යුරෝපීය සංගමය තුළ දැඩි අවධානයට ලක්ව තිබේ. අයර්ලන්තයේ මෙම පියවර අනෙකුත් ජාතීන්ට ද ආදර්ශයක් විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

සඳුනි තිලකරත්න

Share This