ඉරාන ජනාධිපතිවරයා ඔහුගේ නියෝජිතයෙකු සේවයෙන් පහ කරයි

ඉරාන ජනාධිපතිවරයා ඔහුගේ නියෝජිතයෙකු සේවයෙන් පහ කරයි

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඔහුගේ නියෝජ්‍ය නියෝජිතයකු වන ෂහරාම් ඩබිරි සේවයෙන් පහ කර ඇති බව වාර්තා වේ.

ඒ පර්සියානු අලුත් අවුරුද්ද වන නව්රුස් සමයේදී ඔහු සිය බිරිඳ සමඟ ඇන්ටාක්ටිකාවට සංචාරයක යෙදීම හේතුවෙනි.

ඇන්ටාක්ටිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබූ එම්වී ප්ලැන්සියස් නෞකාව ඉදිරිපිට ඩබිරි සහ ඔහුගේ බිරිඳ පෙනී සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය විය. එය ඉරාන ජනාධිපතිවරයා තුළ ඇති කළේ කෝපයකි.

ඉරානයේ ආර්ථිකය සැලකිය යුතු පීඩනයකට ලක්ව ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය විසින් තහනම් කර ඇති ත්‍රස්ත සංවිධාන වන හමාස් සහ හිස්බුල්ලා ඇතුළු කණ්ඩායම්වලට සහාය දැක්වීම හේතුවෙන් බටහිර සම්බාධකවලට යටත් වේ.

මෙවන් පසුබිමක ඉරානයේ පවතින ආර්ථික අභියෝග සැලකිල්ලට ගත් විට ෂහරාම් ඩබිරිගේ සංචාරය යුක්ති සහගත නොවන බව ජනාධිපති කාර්යාලය විස්තර කරයි.

සඳුනි තිලකරත්න

Share This