ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා මොස්කව් වෙත
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් රුසියාවේ මොස්කව් වෙත පැමිණ තිබෙනවා.
ඒ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ සාකච්ඡා කිරීම සහ දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කිරීම සඳහායි.
රුසියාවේ රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ , පසුගිය ජූලි මාසයේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපති මසූඩ්ගේ පළමු ක්‍රෙම්ලින සංචාරය මෙය බවයි.
ගිවිසුම අත්සන් කිරීමට පෙර ද්විපාර්ශ්වික සබඳතා සහ ජාත්‍යන්තර ගැටළු කෙරෙහි අවධානය යොමු කරමින් ජනපති පුටින් සමඟ ඔහු සාකච්ඡා පවත්වනු ඇති.
යුක්රේන යුද්ධය ආරම්භයේ සිටම රුසියාව ඉරානය සහ උතුරු කොරියාව වැනි අමෙරිකා එක්සත් ජනපදයට සතුරු අනෙකුත් රටවල් සමඟ සමීප සබඳතා වර්ධනය කර ගනිමින් කටයුතු කරනවා.
මේ වනවිට රුසියාව උතුරු කොරියාව සහ සමීප සගයෙකු වන බෙලරුස් සමඟ උපායමාර්ගික ගිවිසුම් මෙන්ම චීනය සමඟ උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමක් ද අත්සන් කර ඇති බව සඳහන්.
සමීප ආරක්ෂක සහයෝගීතාව සඳහා විධිවිධාන ඇතුළත්වන වසර 20 ක රුසියා-ඉරාන ගිවිසුමක් වෙනුවෙන් දෙරටේ නායකයන් යොමු වීම
බටහිර රටවලට කනස්සල්ලට හේතු වී තිබෙනවා.
කෙසේ වෙතත් රටවල් දෙකම පවසන්නේ ඔවුන්ගේ වඩ වඩාත් සමීප සබඳතා වෙනත් රටවලට එරෙහිව යොමු නොවන බවයි.