IPL ක්‍රීඩක වෙන්දේසිය ආරම්භ වෙයි: රිෂාබ් පාන්ට් කෝටි 27කට අලෙවි වෙයි
2025 වසරේ ඉන්දිය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
එහිදී ක්‍රීඩකයින් 84 දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එහිදී ප්‍රථමයෙන් අර්ෂ්දීප් සිං වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඉන්දිය රුපියල් කෝටි 18.00කට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම මිලදී ගත්තා.
කර්ගිසෝ රබාඩා ඉන්දියානු රුපියල් කෝටි 10.75කට මිලදී ගනු ලැබුවේ ගුජරාට් ටයිටන් කණ්ඩායම විසින්.
ශ්‍රෙයාස් අයියර් ඉන්දියානු රුපියල් කෝටි 26.75කට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගැනීමටයි කටයුතු කළේ.
ඔහු IPL වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වීමත් විශේෂත්වයක්.
ජෝස් බට්ලර් ඉන්දියානු රුපියල් කෝටි 15.50කට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මිලදී ගත්තා.
පසුගිය තරගාවලියේ ඉන්දියානු රුපියල් කෝටි 24.75ට අලෙවි වූ මිචෙල් ස්ටාක් සඳහා කෝටි 11.75ක මිලක් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියම කළා.
රිෂාබ් පාන්ට් ඉන්දියානු රුපියල් කෝටි 27.00කට මිලදී ගනු ලැබුවේ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.
එය IPL ඉතිහාසයේ ක්‍රීඩකයෙක් අලෙවි වූ වැඩිම මෙය වීමත් විශේෂත්වයක්.
කර්ගිසෝ රබාඩා ඉන්දියානු රුපියල් කෝටි 10.75කට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මිල දී ගත්තා.
ඩේවිට් මිලර් ඉන්දියානු රුපියල් කෝටි 7.50කට ලක්නව් සුපර් ජයන්ස්ට් කණ්ඩායම මිලදී ගත්තා.
යුෂ්වේන්ද්‍ර චහාල් ඉන්දියානු රුපියල් කෝටි 18.00කට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම මිලදී ගත්තා.
කේ.එල් රාහුල් ඉන්දියානු රුපියල් කෝටි 14.00කට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මිලදී ගත්තා.
හැරි බෲක් ඉන්දියානු රුපියල් කෝටි 6.25කට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මිලදී ගත්තා.
ඒඩීන් මාර්කම් ඉන්දියානු රුපියල් කෝටි 02.00කට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මිලදී ගත්තා.
ඩෙවොන් කොන්වේ ඉන්දියානු රුපියල් කෝටි 6.25කට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මිලදී ගත්තා.
රාහුල් ට්‍රිපති ඉන්දියානු රුපියල් කෝටි 3.40කට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මිලදී ගත්තා.
ජැක් ෆ්‍රසර් මැක්කෘග් ඉන්දියානු රුපියල් කෝටි 9.00කට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මිලදී ගත්තා.
හර්ෂල් පටේල් ඉන්දියානු රුපියල් කෝටි 8.00කට සන්රයිසස් හයිද්‍රභාත් කණ්ඩායම මිලදී ගත්තා.
රචින් රවින්ද්‍රන් ඉන්දියානු රුපියල් කෝටි 4.00කට මිලදී ගනු ලැබුවේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.
ලිම් ලිවිංග්සටන් ඉන්දියානු රුපියල් කෝටි 8.75කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම මිලදී ගත්තා.
රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දියානු රුපියල් කෝටි 9.75කට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මිලදී ගත්තා.
මොහොමඩ් ශමි ඉන්දියානු රුපියල් කෝටි 10.00කට සන්රයිසස් හයිද්‍රභාත් කණ්ඩායම මිලදී ගත්තා.
මොහොමඩ් සිරාජ් ඉන්දියානු රුපියල් කෝටි 12.52කට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මිලදී ගත්තා.
වෙන්කටේෂ් අයියර් ඉන්දියානු රුපියල් කෝටි 23.75කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මිලදී ගත්තා.
මර්ක්ස් ස්ටොයිනස් ඉන්දියානු රුපියල් කෝටි 11.00කට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම මිලදී ගත්තා.
මිචෙල් මාර්ක් ඉන්දියානු රුපියල් කෝටි 3.40කට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මිලදී ගත්තා.
ග්ලෙන් මැක්ස්වේල් ඉන්දියානු රුපියල් කෝටි 4.20කට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම මිලදී ගත්තා.
කුවින්ටන් ඩී කොක් ඉන්දියානු රුපියල් කෝටි 3.60කට කොල්කතා නයිට් රයිඩර් කණ්ඩායම මිලදී ගත්තා.
ප්ලිප් ස්ලෝට් ඉන්දියානු රුපියල් කෝටි 11.50කට රෝයල් චැලෙන්ජර් බැංගලූර් කණ්ඩායම මිලදී ගත්තා.
රහමනුල්ලාහ් ගුරුබාස් ඉන්දියානු රුපියල් කෝටි 2.00කට කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම මිලදී ගත්තා.
ඉශාන් කිෂාන් ඉන්දියානු රුපියල් කෝටි 11.25කට සන්රයිසස් හයිද්‍රභාත් කණ්ඩායම මිලදී ගත්තා.
ජිතීෂ් ශර්මා ඉන්දියානු රුපියල් කෝටි 11.00කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩයාම මිලදී ගත්තා.