දකුණු කොරියානු ගුවන් අනතුරේ කළු පෙට්ටි පරීක්ෂාවට

දකුණු කොරියානු ගුවන් අනතුරේ කළු පෙට්ටි පරීක්ෂාවට

පුද්ගලයන් 179 දෙනෙකුට මරු කැඳවූ ජෙජු එයාර් ගුවන් යානයේ කළු පෙට්ටි දෙක මේ ව්නා විට විමර්ශකයින් විසින් පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

නමුත් උන්නතාංශය සහ ගුවන් වේගය වැනි දේවල් නිරීක්ෂණය කරන පියාසැරි දත්ත පටිගත කිරීමේ යන්ත්‍රයේ ගැටළුවක් හේතුවෙන් දත්ත ලබා ගැනීම දුෂ්කර වී ඇති බව සඳහන්.

අද දින ගුවන් මගීන් පිරිසකගේ පළමු අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට නියමිත අතර බොහෝ පවුල් තවමත් පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටින අතර ඔවුන්ගේ ආදරණීයයන්ගේ සිරුරු තමන් වෙත ලබා දෙනෙ තෙක් සිටින බවයි වාර්තා වන්නේ.

දකුණු කොරියානු භූමියේ සිදු වූ මාරාන්තිකම ගුවන් අනතුර වන මින් දිවි ගලවා ගත් පුද්ගලයින් වූ ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.

ඔවුන් ගුවන් යානයේ පිටුපස කොටසේ සිටි පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක්.

මෙම අනතුර පිළිබඳ ජෙජු එයාර් ගුවන් සේවය අද පස්වරු 5:00 ට මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතයි.

මේ අතර තම ආදරණීයයන් පිළිබඳව කාලෝචිත යාවත්කාලීන කිරීම් ගුවන් සේවය විසින් ලබා දී නොමැති බව පවසමින් විපතට පත් පවුල් අතර කෝපය වර්දනය වී ඇති බවත් සඳහන්.

පසුගිය ඉරිදා සෝල් හි පැවති මාධ්‍ය හමුවකදී, ජෙජු එයාර් හි ප්‍රධාන විධායක නිලධාරියා මෙම ව්‍යසනය පිළිබඳ සමාව අයැද සිටි අතර, ගුවන් සේවයට අනතුරු පිළිබඳ ඉතිහාසයක් නොමැති බව සඳහන් කළා.

සමාගමේ ප්‍රමුඛතාවය විපතට පත් පවුල්වලට සහාය වීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත්, වින්දිතයින්ගේ පවුල් කියා සිටියේ ඔවුන්ට ගුවන් සේව ඉතා ඉක්මනින් වන්දි ලබා දිය යුතු බවයි

Share This