බූස්ස බන්ධනාගාරය තුළ සිදු වූ ඝාතනය ගැන විමර්ශනයක්

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසනවා.
ඔහු කියා සිටියේ, උල් ආයුධයක් වැනි දෙයකින් ඇන මෙම ඝාතනය කර ඇති බවයි.
රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියෙකු මෙලෙස ඝාතනය වී ඇති අතර සිරදඬුවම් විඳින රැඳවියෙකු ඝාතනය කර ඇතැයි සැක කරන බවයි, බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ නන්දකුමාර් ශිව නන්දන් නමැති 46 හැවිරිදි රැඳවියෙක්. ඔහුගේ සිරුරේ ස්ථාන 11ක පමණ උල් ආයුධයකින් ඇන ඇති බව සඳහන්.
බන්ධනාගාර නිලධාරීන්ට ඔත්තු දුන්නේ යැයි සැකයකට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ ගැටලුවකට මෙම ඝාතනය කළේ ද යන සැකය මතුවී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.