උද්ධමන ඉලක්ක සම්පූර්ණ කර නැහැ

උද්ධමන ඉලක්ක සම්පූර්ණ කර නැහැ

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය. 2024 වසරේ දෙවැනි සහ තුන්වැනි කාර්තුවල උද්ධමනය, උද්ධමන ඉලක්කවලට වඩා මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ දක්වා ඇති ආන්තිකයන්ට පහළින් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව එහි වාර්තාව මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට යොමු කළ බවයි එම බැංකුව සඳහන් කළේ.

මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳව ගිවිසුමේ දක්වා ඇති උද්ධමන ඉලක්ක එම ගිවිසුමේ දක්වා ඇති නිශ්චිත ආන්තිකයෙන් එක ළඟ කාර්තු දෙකක් තුළදී සපුරාගැනීමට නොහැකි වුවහොත් මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි.

පසුගිය වසරේ (2024) දෙවැනි සහ තුන්වැනි කාර්තුවල කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය පිළිබවෙළින් සියයට 1.4 ක් සහ 0.8 ක් වූ බව ශ්‍රී ලංකා මහා බැංකුව පෙන්වා දෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විමින් එම වාර්තාව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කර සාකච්ඡා කළ බවයි එම බැංකුව සඳහන් කළේ.

Share This