ඉන්දිය පළමු ඉනිම ලකුණු 358කට සීමා වෙයි

ඉන්දිය පළමු ඉනිම ලකුණු 358කට සීමා වෙයි

එංගලන්තය සමඟ පැවැත්වෙන සිව් වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉන්දියාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 358ක් රැස්කරගැනීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායමට සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 358කි.

එහිදී ශායි සුදර්ශන් ලකුණු 61ක්, යශෂ්වි ජයිශ්වාල් ලකුණු 58ක් සහ රිෂාබ් පාන්ට් ලකුණු 54ක් ලබාගත්තහ.

පන්දුයැවීමේදී බෙන් ස්ටෝක් කඩුලු 05ක් දවා ගැනීමට සමත් විය. තරගය පැවැත්වෙන්නේ මැන්චෙස්ටර්හිදීය.

Share This