පන්දුවාර 2.5කින් තරගය ජයගත් ඉන්දියානු යොවුන් ක්‍රීඩිකාවන්
යොවුන් කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මැලේසියාව සමඟ පැවැති තරගය කඩුලු 10ක පහසු ජයක් ලැබීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මැලේසියානු කණ්ඩායමට පන්දුවාර 14.3ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 31ක්.
එහිදී කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු පහේ සීමාව ඉක්මවා යාමට හැකි වූයේ නැහැ.
පන්දුයැවීමේදී වෛශ්නවි ශර්මා ලකුණු 05කට කඩුලු 05ක් දවාගත්තා. ජයග්‍රහණය සඳහා ලකුණු 32ක ඉලක්කයක් හඹා ගිය ඉන්දිය කණ්ඩායම පන්දුවාර 2.5ක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවි තරගයේ ජය වාර්තා කළා.
එහිදී ගොන්ගාඩි ත්‍රිෂා ලකුණු 27ක් නොදැවි රැස්කරගැනීමටයි සමත් වුණේ.
කාණ්ඩ A යටතේ ඊළඟ තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිතයි.
මේ වනවිට මෙම කණ්ඩායම් දෙකම මූලික වටයේ අපරාජිතව සිටීමත් විශේෂත්වයක්.