ඇඟ හිරිවැටී වේදනා විඳ මැරෙන අලුත් රෝගයක් ඉන්දියාවෙන්
ඉන්දියාව ගුයිලේන්-බැරේ සින්ඩ්‍රෝමයෙන් පළමු මරණය වාර්තා කර තිබෙනවා.
ස්නායු රෝගයක් වන ගුයිලේන්-බැරේ සින්ඩ්‍රෝමය GBS හිරිවැටීම, අස්ථි දුර්වලතාවය සහ මාංශ පේශී වේදනාව ඇති කරන බව සඳහන්.
මෙම රෝගයෙන් මරණයට පත්ව ඇත්තේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පදිංචි අයෙක්.
මේ වන විට එහි GBS රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් රෝගීන් 101 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය නිලධාරීන් පවසනවා.
ඉන් වැඩි ප්‍රමාණයක් පූනේ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවලින් වාර්තා වී ඇති අතර, පූනේ නගරය ඉන්දියාවේ අගනුවර සහ මූල්‍ය මධ්‍යස්ථානය වන මුම්බායි සිට කිලෝමීටර් 180 ක් (සැතපුම් 110) පමණ දුරින් පිහිටා තිබීම විශේෂත්වයක්.
GBS රෝගය වැලඳුනු රෝගීන් 16 දෙනෙකු දැනට ශ්වසන ආධාරකවලට සම්බන්ධ කර ඇති බව ප්‍රාන්ත මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
කෙසේ වෙතත් ඉන්දීය පුරවැසියන් කලබල නොවිය යුතු බවත්, ක්ෂණික ප්‍රතිචාර කණ්ඩායමක් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට යවා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත්තේ.