ඉන්දීය අගමැති සහ ජනාධිපති ද්‍රෞපදී මුර්මු ආචාර්ය මන්මෝහන් සිං මහතාට අවසන් ගෞරව දක්වයි

ඉන්දීය අගමැති සහ ජනාධිපති ද්‍රෞපදී මුර්මු ආචාර්ය මන්මෝහන් සිං මහතාට අවසන් ගෞරව දක්වයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිල්ලියේ නිගම්බෝද් ඝාට් හි තැන්පත් කර ඇති හිටපු අගමැති මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබෙනවා.

ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු ද එහේදී හිටපු අගමැති මන්මෝහන් සිං මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්වී ඇති බව සඳහන්.

මීට අමතරව මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා, ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, ලෝක් සභාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි, කොංග්‍රස් සභාපති මල්ලිකාර්ජුන් ඛාර්ගේ, කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි ඇතුළු රටේ ඉහළ පෙළේ නායකයින් මන්මෝහන් සිං මහතාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වී සිටින අතර රාජ්‍ය අවමංගල්‍යය නිගම් බෝද් ඝාට් හිදී පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

Share This