මෙරට ක්‍රිකට් සංවර්ධනය කරන්න ඉන්දියාවෙන් අතහිත

මෙරට ක්‍රිකට් සංවර්ධනය කරන්න ඉන්දියාවෙන් අතහිත

මෙරට ක්‍රිකට් ඇතුළු සෙසු ක්‍රීඩා කටයුතු දියුණු කිරීම සඳහා  රට පුරාම ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් සහයෝගය ලබාදෙන බව ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර අද (06) පැවැති සාකච්ඡාවකදීයි.

ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙන බව ද එහිදී මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

විශේෂයෙන්ම තරුණ කටයුතු ක්ෂේත්‍රයේ දෙරට අතර සම්බන්ධතා ඉදිරියේදී තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා මෙරට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට ඉන්දියානු තරුණ කටයුතු අංශයට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියා.

 

Share This