‘ඉන්දියාව, වතුර ගලන්න ඉස්සෙල්ලා අනුර ලවා ඉවුර හදාගත්තා’

සුරේන් රාඝවන්ගෙන් අනාවරණයක්

‘ඉන්දියාව, වතුර ගලන්න ඉස්සෙල්ලා අනුර ලවා ඉවුර හදාගත්තා’

ශ්‍රී ලංකාව තුළ ‘ඉන්දීය හිතවාදි’ පාලනයක් ගොඩනැඟීම ඉන්දියාවේ ප්‍රධාන අරමුණ වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට කීකරු පාලනයක් මෙරට තුළ බිහිකිරීමේ අරමුණින් ඉන්දියාව ක්‍රියාකරන බවයි ඒ මහතා කියා සිටියේ.

මොනරා ඩිජිටල් හි ‘ඉර’ සංවාදාත්මක වැඩසටහන සමග අදහස් දක්වමින් රාඝවන් මහතා මේ බව අනාවරණ කළා.

අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස සිටි කාලයේ ඉන්දියාවේ සංචාරයක නිරත වූයේ ඇයි?

අනුර ජනපති ලෙස පත්වූයේ, ඉන්දීය ආශීර්වාදයෙන් ද?

වත්මන් ආණ්ඩුව පත්කළේ ඉන්දියාව ද?

අවුරුදු ගණනාවකට පසු උතුරේ ඡන්දයේ වෙනසක් සිදුවූයේ ඉන්දියාවේ බලපෑමෙන් ද?

මේ සියළු ගැටළු සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා අනාවරණයක් කළා.

 

සම්පූර්ණ වැඩසටහන මෙතනින් නරඹන්න👇🏻

Share This