නිදහස් උත්සවයේ පෙරහුරු අද සිට
පෙබරවාරි 04 වන දිනට යෙදෙන 77 වන නිදහස් දිනය වෙනුවෙන් පෙරහුරු කටයුතු අද (29) සිට ආරම්භ කරන බව පොලීසිය පවසනවා.
‘ජාතික පුනරුදයට පෙළගැසෙමු’ යන තේමාව යටතේ මෙවර නිදහස් දිනය සැමරුම් උත්සවය ලබන 04 වැනිදා කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්වීමටයි රජය තීරණය කර ඇත්තේ.
මෙම පෙළිපාළිය යුද, ගුවන්, නාවික, හමුදා හා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම, සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන්ගෙන් සමන්විතව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මෙහි පෙරහුරු කටයුතු අද දිනයේ සිට ලබන 02 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි මාර්ග ආරක්ෂාව සහ රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ.
නිදහස් චත්‍රරස්‍රය අවට තිබෙන පාසල්වල දරුවන්ට පාසල් පැමිණීමට අවශ්‍ය පහසුකම් සලසා දෙමින් මෙම පෙරහුරු කටයුතු සිදුකරන බවද ඔහු සඳහන් කළා.
අද දිනයේ සිට ලබන 02 වන දින දක්වා පෙරහුරු පැවැත්වෙන කාලසීමාව තුළ කුරුඳුවත්ත පොලිස් වසමේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.
විශේෂ රථවාහන සැලසුම් ක්‍රියාත්මක වන කාලය තුළදි ප්‍රදේශයේ පදිංචි ජනතාවට අපහසුතාවයන් ඇති නොවන ආකාරයට අවශ්‍ය කටයුතු සලසා දී තිබෙන බවයි ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ.