වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින් සිරදඬුවම් නියම කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසිනුයි මෙම තීන්දුව අද (16) ප්‍රකාශයට පත් කළේ.

ඊට අමතරව විත්තිකරුවන්ට දඩ මුදල් ද නියම කෙරුණු අතර නීතිවිරෝධී ලෙස උපයාගත් දේපළ මුදල් හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමටද විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 19කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීම ඇතුළු චෝදනා යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන සමන්ත කුමාර හෙවත් වෙලේසුදා නැමැත්තාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණා.

Share This