IMF ලංකාවට හොඳ කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් පවතින අවස්ථාවක මුහුණ දුන්දරුණු ස්වභාවික ව්‍යසනය ගැන කනගාටුව පළ කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ශ්‍රී ලංකාවේ යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළට සහාය පළ කරන බව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේදී (17) හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළාය.
පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය ගත් කඩිනම් පියවරද මෙහිදී අගය කළ ඇය එම සහන කටයුතු සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇමරිකා ඩොලර් මිලියන 200 කට අධික හදිසි මූල්‍ය ආධාර ලබා දී ඇති බවද සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් කෘෂිකර්මාන්තයේ නියැලී සිටියද දළ දේශීය නිෂ්පාදිතයට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය සාපේක්ෂව අඩු අගයක් ගන්නා බැවින් ඉඩම් හිමිකාරිත්වය සහ සම්ප්‍රදායන් සුරකිමින් ග්‍රාමීය ප්‍රදේශවල ඵලදායිතාව ඉහළ නැංවීම, රැකියා අවස්ථා විවිධාංගීකරණය කිරීමට උපාය මාර්ගික වැඩපිළිවෙළක අවශ්‍යතාවය ගැන සාකච්ඡා කෙරිණි.

Share This