පොලිස්පති දේශබන්දු ගැන කවුරුත් නොදන්න කතාව මෙන්න

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙ නම 2020 වසරේ සිට ඡන්ද හිමි නමලේඛනයේ පවා නොමැති බවත් ඔහු මේ සමාජයේ ජිවත්ව ඇත්තේ “ගොස්ට්” (හොල්මනක්) ලෙස බවත් අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටියදී අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා මෙසේ වැඩිදුරටත් මෙසේ පැවසුවේය.
“ස්වාමිනි දින විස්සක් පුරා මේ තැනැත්තා සොයමින් සිටින අවස්ථාවක අධිකරණයේ බංකුව දක්වා පැමිණියේ කොහොමද කාගෙවත් ඇසකට හසු නොවි.
ඒ වගේව පහුගිය දවස් 20 පුරා සැඟවිලා හිටිය තැන ගැන විශේෂයෙන්ම විමර්ශනය කළයුතුයි. මේ තැනැත්තා පොලිස්පතිවරයාට නෙවෙයි අඩුම පොලිස් කොස්තාපල් තනතුරටවත් සුදුසු නෑ.
පොලිස් කොස්තාපල් කෙනෙක් කියලා කියන ඒ අයටත් කරන නිගරුවක්. දැනට සොයාගෙන තියනවා මොහුට ගෙවල් අටක් හිමියි කියලා. 2020 වසරේ සිට ඡන්ද හිමි නාමලේඛනයේවත් මොහුගේ නම නෑ. හොල්මනක් විදියට සමාජයේ ඉදලා තියෙන්නේ.
හරක් කටා, මාකදුරේ මධුශ්ට වඩා දරුණු ඝනයේ සංවිධානාත්මක අපරාධකරුවෙක් මොහු. තමන්ගේ බලය අනිසි ලෙස භාවිතා කරලා තියනවා. ඇප හොදී විමර්ශන අවසන් වන තෙක් රිමාන්ඩ් කරන ලෙස ඉල්ලා සිටිනවා.”
එහිදි දේශබන්දු තෙන්නකෝන්ට ඇප ඉල්ලා ජනාධිපති නිතිඥ රෝමේශ් ද සිල්වා මහතාගෙ උපදෙස් පරිදි ජනාධිපති නිතිඥ ශානක රණසිංහ මහතා කරුණු දැක්වීය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා සඳහන් කළේ කරුනු සම්බන්ධයෙන් අධ්‍යනය කර ඇප දෙනවාද නැද්ද යන්න නියෝගද අද (20) ප්‍රකාශයට පත් කරන බවයි.
ඒ අනුව මමහෙස්ත්රාත්වරයා අද දින (20)දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළේ ය.
අද (19) උදැසන දේශබන්දු තෙන්නකෝන් දින 20කට පසුව ජනාධිපති නිතිඥ ශානක රණසිංහ මහතා මගින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර විය.
හෙට (මාර්තු 20 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
දේශබන්දු තෙන්නකෝන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය හෙට (20) දින ප්‍රකාශයට පත්කරන බවත් මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරනු ලැබීය.
අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීමෙන් පසුව පසුගිය 27 වනදා සිට අධිකරණ මගහැර සිටි දේශබන්දු තෙන්නකෝන් අද පෙරවරුවේ සිය නීතීඥවරු මාර්ගයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් විය.
දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට භාරවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (මාර්තු 19 වැනිදා) පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
- අකිලා නදීෂානි බණ්ඩාර