නාමල්ගේ නීති උපාධිය හොර එකක් නම් ඒක cancel කරලා නීතිය ක්‍රියාත්මක කරන්න
පුරවැසිබලය සංවිධානයෙන් සීඅයිඩීයට පැමිණිල්ලක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විභාගයට පෙනී සිටීම සම්බන්ධයෙන්, චෝදනා කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, අල්ලස දුෂණයට එරෙහි පුරවැසිබලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා විසින්.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාමන්ත මහතා කියා සිටියේ නාමල් රාජපක්ෂ මහතා සිය නීතීවේදී උපාධිය ව්‍යාජව ලබාගත් බවට සාක්ෂි පවතින බවයි.
එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා නීතිවිභාගයට පෙනී සිටි ආකාරය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළද, මෙතෙක් කිසිඳු පැමිණිල්ලක් භාරගෙන නොමැති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළකල කාමන්ත තුෂාර මහතා,
“නාමල් රාජපක්ෂගේ උපාධිය හොරට අරගෙන, ඒ සී කාමරය නීතිඥවරුන් දෙදෙනෙකුගේ සහය ඇතිව විභාගය ලිව්වයි කියලා සාක්ෂි සහිත පුද්ගලයෙක් ඉන්නවා.. වහාම ඔහුගේ පැමිණිල්ල විභාග කරලා, නාමල් නීති උපාධිය හොරට නම් එම නීති උපාධිය වහාම කැන්සල් කරලා ඒ සඳහා සම්බන්ධ වුණු සියළු නිළධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියනවා.. අලුත් නිළධාරීන් දාලා මේ රටේ හොර වංචා කරපු දේවල්, පහුගිය රජයන්වලින් කරපු දේවල් අල්ලන්න කියලා කියනවා..”