ඉන්දු – පාකිස්ථාන තරගය ගැන ජගත් ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය
අයි.සී.සී ශූරයින්ගේ තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර ක්‍රිකට් තරගය මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ජගත් ක්‍රිකට් මණ්ඩලය විසින් අදාළ තීරණය ගෙන ඇති බවයි, ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
2025 වසරේ මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය දරුණු ලබන්නේ පකිස්ථානය විසින්.
ඒ හේතුවෙන් ඉන්දියාව එරට තුළ තරග කිරීම ප්‍රතික්ෂේප කළා.
එම කරුණු සැලකිල්ලට ගනිමින්, ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර අදාළ තරගය පවත්වන ස්ථානය මේ දක්වා තීරණය කර නැහැ.
අයි.සී.සී ශූරයින්ගේ තරගාවලිය සඳහා ඇෆ්ගනිස්ථානය, ඔස්ට්‍රේලියාව, බංගලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ පාකිස්ථානය සහභාගී වීමට නියමිතයි.