ICC ය දෙසැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා නිවේදනය කරයි
2024 දෙසැම්බර් මාසයේ ICC ක්‍රීඩකයා ලෙස සම්මානය දිනා ගැනීමට ඉන්දීය වේග පන්දු යවන්නා, ජස්ප්‍රිත් බුම්රා සමත්ව තිබෙනවා.
ඔහුගේ ශක්තිමත් තරඟකාරිත්වය පැට් කමින්ස් සහ ඩේන් පැටර්සන් පරාජය කරමින් ඉදිරියට පැමිණීමට හැකියාව ලබා දී ඇති බව සඳහන්.
2024 දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ ඕස්ට්‍රේලියානු සංචාරයේදී ජස්ප්‍රිත් බුම්රාගේ සුවිශේෂී දස්කම් නිසා මෙම තරඟකරුවන් අභිබවා යාමට ඔහුට හැකියාව ලැබී ඇති බවයි විචාරකයන් පවසන්නේ.
ටෙස්ට් තරඟ තුනක් පුරා, බුම්රා 14.22 ක විශ්මයජනක සාමාන්‍යයක් පවත්වා ගනිමින්, කැපී පෙනෙන කඩුලු 22 ක් දවා ගැනීමට සමත් වෙමින් ඔහු එහිදී තනිවම ඉන්දියාවේ පන්දු යැවීමේ ප්‍රහාරයට නායකත්වය දීම විශේෂත්වයක්.