“මම කවුරුත් විශ්වාස කරන්නෙ නෑ”: ට්‍රම්ප් කියයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ව දැඩි ලෙස විවේචනය කරමින් ඔහු ගැන කලකිරීමකින් සිටින බව ප්‍රකාශ කර තිබේ.
ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඇමරිකාව විසින් යුක්රේනයට අවි යැවීමේ සැලසුමක් නිවේදනය කර පැය කිහිපයකට පසුවය.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ සටන් විරාම ගිවිසුම දින 50ක් ඇතුළත නොලැබුණහොත් රුසියාවට දැඩි ආර්ථික තීරුබදු පනවනු ඇති බවයි. තවද රුසියාව සමඟ සාම ගිවිසුමක් සාදා ගැනීමට ඔහු හතර වතාවක්ම උත්සහ කර ඇත. නමුත් එය එතරම් සාර්ථක වී නැත. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ව විශ්වාස කරනවාදැයි විදෙස් මාධ්‍ය ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ, “මම කිසිවෙකු පාහේ විශ්වාස නොකරමි” යනුවෙනි.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය ඔහු සහ පුටින් අතර පෙර තිබුණු හිතවත්කම වෙනස්ව ඇති බවට සලකුණකි.
සඳුනි තිලකරත්න