අනියම් බිරියගේ පිහිපහරින් අනියම් සැමියා මියයයි
අනියම් බිරිඳ විසින් අනියම් සැමියාට පිහියකින් ඇනීමෙන් පසු අනියම් සැමියා මියගොස් ඇති පුවතක් වැල්ලවාය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මොවුන් අඹුසැමි යුවළක් ලෙස වැල්ලවාය පොලිස් වසමට අයත් වීරසේකරගම උළුගෙදර තාවකාලිකව පදිංචිව සිටි බවයි වැල්ලවාය පොලීසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි පී.පී. සුජිත් ප්‍රදීප් කුමාර නැමති අයෙක්.
ඔහු විවාහකයෙක් වන අතර නාවලපිටිය සොයිසාකැළේ පාර පදිංචිව සිට තිබෙනවා.
මෙලෙස පිහි පහර එල්ල කළ අනියම් බිරිඳ , 24 හැවිරිදි හල්දුම්මුල්ල සොරගුණේ රබර්වත්ත ප්‍රදේශයේ පදිංචි බව සඳහන්.
වැල්ලවාය වීරසේකරගමට පැමිණ නිවසක් කුලියටගෙන පදිංචිව සිට ඇති මෙම යුවල අතර, නිතර නිතර ආරවුල් හට ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.
මෙම තරුණිය සිය අනියම් සැමියාට ඇයව නීත්‍යානුකූලව විවාහ කරගන්නා ලෙස ඉල්ලා ආරවුල් ඇතිකරගෙන ඇති අතර (26) වෙනිදා සවස හයට පමණ බහින්බස්වීමක් දුර දිග යාමෙන් පසුව ඇය ඔහුට පිහියෙන් ඇන ති බව සඳහන්.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ අනියම් සැමියා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.
පිහිඇනුම සිදුකළ තරුණිය පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇති අතර අද (27) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බව සඳහන්.
තොරතුරු – ළහිරු ගුණතිලක මොනරාගල