ටිබෙටයේ භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් අය සොයා සෝදිසි මෙහෙයුම් දිගටම
ටිබෙටයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් අය සෙවීම දිගටම කරගෙන යාම සඳහා ගලවා ගැනීමේ සේවකයින් 14,000 කට වැඩි පිරිසක් ටිබෙටයට පැමිණ තිබෙනවා.
මින් පුද්ගලයින් 126 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
අඟහරුවාදා ඇති වූ භූමිකම්පාවෙන් පසු, එවරස්ට් කන්ද පාමුල සිට සැතපුම් 50 ක් පමණ දුරින්, නිවාස විශාල ප්‍රමාණයක් විනාශ වී 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය පවසනවා.
කෙසේ නමුත් ප්‍රදේශයේ උෂ්ණත්වය -16C දක්වා පහත වැටීමත් සමග ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල වෙමින් පවතින බව සඳහන්.
ප්‍රධාන භූ විද්‍යාත්මක දෝෂ රේඛාවක පිහිටා ඇති කලාපයක පිහිටා ඇති ටිබෙටයේ භූමිකම්පා බහුලව දක්නට ලැබෙන නමුත්, අඟහරුවාදා ඇතිවූ භූමිකම්පාව මෑත වසරවලදී චීනයේ සිදු වූ මාරාන්තිකම එකක් බවයි බලධාරීන් පවසන්නේ.