කොටස් වෙළඳපොළ තුළ දැවැන්ත වර්ධනයක්
මේ වනවිට සියලු කොටස්වල මිල දර්ශක අගය පසුගිය වසරට සාපේක්ෂව සියයට 36.1කින් ඉහළ ගොස් තිබෙනවා.
තෝරාගත් සමාගම් 20කින් සමන්විත SNP ශ්‍රී ලංකා විස්ස දර්ශකය ද සියයට 41.76කින් වැඩිවී ඇති බවයි, කොළඹ කොටස් හුවමාරුවේ ශාඛා ජාලා කළමණාකරු නිශන්ත බටගල්ල මහතා ප්‍රකාශ කළේ.
දේශීය ආයෝජිකයන් විශාල පිරිසක් කොටස් වෙළඳපොළට නැඹුරුවී ඇති බව සඳහන්.
ගනුදෙනු සංඛ්‍යාවේ විශාල වර්ධනයක් පෙන්නුම් කරන බවයි, නිශන්ත බටගල්ල මහතා කියාසිටියේ.