රිතික්ට 51 ක්
රිතික්ට අදට (ජනවාරි 10) 51 ක් !!
හිතාගන්නත් අමාරුයි නේද…. මොකද තාමත් ඔහු එදා වගේම කඩවසම්.
රිතික්ට තියෙන්නෙ හැඩැති, ආකර්ෂණීය සිරුරක්. ඉතින්, කවුරුත් උනන්දුයි වයස ගියාට ඔහු කොහොමද තවම එකම විදියට සිය රූපය පවත්වාගෙන යන්නෙ කියන කාරණාව ගැන.
බොහෝමයක් දෙනාගෙ අදහස තමයි, රිතික්ට ඇත්තේ ග්‍රීක දෙවියෙකුගේ පෙනුමට සමාන රුවක් කියන එක. ඉතින් මේ සටහන ලියවෙන්නෙ ඔහු සිය ශරීර හැඩය පවත්වාගෙන යාම සඳහා කරන දේවල් සම්බන්ධයෙන් දක්වා ඇති අදහස්වල එකතුවකින්….
ගෙවුණු කාලයේ ෆයිටර් රූගත කිරීම් එක්ක, ඔහු සිය රූපය පවත්වාගෙන යන ආකාරය ගැන නිතර තොරතුරු බෙදාගෙන තිබුණා.
වාර්තා වන හැටියට ඔහුගේ ශරීර යෝග්‍යතා දින චර්යාවට ක්‍රියාකාරී ව්‍යායාම් කිහිපයක්ම ඇතුළත්.
India Today සමඟ වරෙක කළ සම්මුඛ සාකච්ඡාවකට එක්කාසු වෙමින් රිතික් රෝෂන්ගේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරු ක්‍රිස් ගෙතින් සඳහන් කරලා තිබුණා, රිතික්ගේ දින චර්යාවට දිනකට වරක් හෝ දෙවරක් ක්‍රියාකාරී ශරීර යෝග්‍යතා සැසි ඇතුළත් බව.
එහිදී ඔහු කළ ක්‍රියාකාරකම් දිවීම, පිහිනීම දක්වා විහිදුණ බවත් සඳහන්.
මේවාට අමතරව බොක්සිං වැනි ක්‍රීඩාවන්ද ඔහුගේ දින චර්යාවට ඇතුළත්.
‘ෆයිටර්’ සඳහා රූගත කිරීම් වන කාලයේදී නම්, එය ගුවන් ක්‍රියාදාම සිනමා සිත්තමක් වුණු නිසාවෙන්ම රිතික් සුවිශේෂී යුද අභ්‍යාසවල ද නියුක්ත වූ බව ආරංචියි.
ඉතින්, මේ වගේ ක්‍රියාකාරකම් රැසක් ඔහුගේ හැඩය මනාව පවත්වාගෙන යන්න, ආකර්ෂණීය රූපය පවත්වාගෙන යන්න හේතු කාරණා වෙලා තියෙනවා.
මේවාට අමතරව හොඳ නින්දක් ලබාගැනීම අතිශය වැදගත් කාරණයක් වුණා කියලයි ඔහුගේ පුහුණුකරු සඳහන් කරලා තිබුණෙ.
ඔහු කියන්නෙ බොහෝ ඉන්දියානුවන්ට අභියෝගාත්මක ම දෙයක් වන ”මනා නින්දක් ලැබීම” රිතික් හොඳින් ප්‍රගුණ කළා කියලයි.
මීට ඉහත, ඒ කියන්නෙ ‘ෆයිටර්’ රූගත කිරීම් සිදුවන කාලයේදි කෙටි කාලයක් තුළ ශරීරය මනාව පරිවර්තනය කරගැනීමට තමාට සිය පුහුණුකරු ලබාදුන් ඉඟි ගැනත් රිතික් තොරතුරු බෙදාගෙන තිබුණා.
ඒ අතර බාධාකාරී නින්දට තිත තැබීම ප්‍රධානයි.
එහිදී රාත්‍රී 7 ට හෝ 7.30 ට පමණ නිදා ගැනීම සුදුසු බවයි ඔහු යෝජනා කර තිබුණෙ. තර්කය වෙලා තිබුණෙ හිරු සමඟ නින්දට යාම යෝග්‍ය බව.
ඒ වගේම කාබෝහයිඩ්රේට් ආහාර සිසිල් කර ආහාරයට ගැනීමත් යෝග්‍ය බව ඔහු නිර්දේශ කරලා තියෙනවා.
එතනදි වෙන්නෙ කාබෝහයිඩ්රේට ප්‍රතිරෝධී පිෂ්ඨය බවට පත්ව කුඩා අන්ත්‍රයේදී නොදිරවන නමුත් මහා අන්ත්රය තුළ ”හොඳ බැක්ටීරියා” පෝෂණය කිරීම.
The American Journal of Clinical Nutrition හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් ද හෙළිවෙලා තියෙනවා නිරෝගී බරක් පවත්වා ගැනීමට කාබෝහයිඩ්රේට් සිසිල් කර ආහාරයට ගැනීම යෝග්‍ය බව.
ඉතින් මේ වගේ දේවල් එක්ක තමයි රිතික් සිය ශරීරය මනාව පවත්වාගෙන ඇවිත් තියෙන්නෙ.
සිය ශරීර සෞඛ්‍ය පවත්වාගෙන යාම ගැන කළ සඳහනේදී ඔහු මෙන්න මෙහෙම කතාවක් කියලා තිබුණා.
‘‘මම මේක කරන්නේ මගේ චිත්‍රපට චරිත සමහරවිට මට යම් ආකාරයකට අභියෝග කරන බැවිනි.
ඒ වගේම මම අභියෝගවලට කැමතියි….”