ඔබත් දෙතොල්වල අඳුරු පැහැය නිසා පීඩා විඳිනවාද

ඔබත් දෙතොල්වල අඳුරු පැහැය නිසා පීඩා විඳිනවාද

දෙතොල් අඳුරු පැහැයකින් යුක්ත වීම බොහෝමයක් යුවතියන් මුහුණපාන ගැටළුකාරී තත්ත්වයක්.

විශේෂයෙන්ම රැකියාවන්හි නියැලෙන යුවතියන්.

මේ හේතුව එක්ක අපි දකිනවා ඔවුන්ට ආත්ම විශ්වාසයක් ඇතිව සමාජයට මුහුණදීමේ ගැටළු ද පවතින බව.

ඒ නිසාම අපේ මේ සූදානම සරල ක්‍රම කිහිපයකින් කොහොමද, දෙතොලෙහි අඳුරු බව දුරලන්නෙ කියලා ඔබට කියන්න…

මී පැණි අඳුරු පැහැගත් තොල්වලට ප්‍රතිකාර කළ හැකි හොඳම ස්වභාවික අමුද්‍රව්‍යයකි. එය ඔබේ තොල් පැහැපත් කර මෘදු බවක් ලබා දෙයි. සෑමදාම රාත්‍රී නින්දට පෙර ඔබේ තොල් මත මී පැණි ආලේප කරන්න. සති කීපයක් මෙම පිළිවෙත අනුගමනය කරන්න. ඔබේ දෙතොලෙහි වර්ණයෙහි පැහැදිලි වෙනසක් සිදු වනු ඇත.

දෙහි කියන්නේ මුහුණ පැහැපත් කිරීමට, ලප කැළැල් නැති කිරීමට යොදා ගන්නා දෙයකි. එමෙන්ම ඔබගේ අඳුරු පැහැ වුණු තොල්වලට දෙහි භාවිත කළ හැකිය. ඒ සඳහා ඔබ රාත්‍රි නින්දට යෑමට පෙර දෙහි බින්දු කිහිපයක් ගෙන එය ඔබගේ තොල්වල ආලේප කරන්න.

එමෙන්ම තරමක් තුනී දෙහි පෙත්තක් කපාගන්න. එය මතට සීනි ස්වල්පයක් ඉස එය ඔබේ තොල් මත හොඳින් සම්බාහනය කර පිරිසුදු ජලයෙන් සෝදා හරින්න. දෙහි තුළ ඇති ස්වාභාවික විරංජන ගුණය හේතුවෙන් ඔබේ තොල්වල මතුවන පැල්ලම් ඉතා සියුම්ව ඉවත් කළ හැකිය. මෙම ස්වාභාවික ක්‍රමය දිනපතා සති දෙකක් පමණ කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

තොල් ලස්සන කරගන්න ඔබට බීට්රූට් භාවිත කළ හැකියි. බීට්වල අඩංගු ස්වභාවික බ්ලිචින් මගින් ඔබේ තොල්වල අදුරු පැහැය ඉවත් කර දෙතොල් පැහැපත් කරනවා. බීට් යුෂ ස්වල්පයක් ගෙන රාත්‍රී නින්දට පෙර ඔබේ තොල්වල ආලේප කර තබා උදෑසන සෝදා ඉවත් කරන්න. බීට්වල අඩංගු රතු වර්ණකය ඔබේ දෙතොල්වලට රෝස පැහැයක් ගෙන දේවී.

බීට් යුෂ සහ කැරට් යුෂ සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍ර කර ඔබේ තොල්වල ආලේප කරන්න. මිනිත්තු දහයක් පමණ තබා මද රස්නය වතුරෙන් සෝදා හරින්න.

ඔලිව් ඔයිල්වල ඇති පෝෂණ ගුණය මඟින් ඔබගේ තොල්වලට මනා පෝෂණයක් ලබා දෙයි. තොල්වලට අවශ්‍ය මොයිස්චරයිසින් ලැබී දෙතොල් සිනිඳු කරයි. නියම තත්ත්වයේ ඔලිව් ඔයිල් බින්දු කිහිපයක් ගෙන ඔබේ තොල් මත ආලේප කර මෘදුව සම්බාහනය කරන්න. මෙය දිනපතා නින්දට යෑමට පෙර සිදු කළහොත් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

ඔබේ තොල් මත අයිස් කැට තබන්න. මෙම සරල ප්‍රතිකර්මයෙන් දෙතොල්වල තෙතමනය රඳවා තබන අතර මනා හැඩයක් ද ගෙන දෙනු ඇත.

Share This