ජූලි මස පළවෙනිදා සිට බස් ගාස්තු අඩු වන හැටි

ජූලි මස පළමුවැනිදා සිට බස් ගාස්තු සියයට 2.5කින් අඩු කිරීමට ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.
කෙසේ වෙතත් අවම බස් ගාස්තුව නොවෙනස්ව පවතින බව ද ඒ සභාව සඳහන් කරයි.
ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මස 01 වනදා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (25) දහවල් ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර පැවැත්වුණි.
එහිදී මෙම තීරණය බස් සංගම්වලට දැනුම්දී ඇති අතර ඊට බස් සංගම් සිය විරෝධය පළ බවට තොරතුරු වාර්තා වෙයි.
පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ මෙහි ප්‍රතිලාභය මගියාට හෝ බස් සංගම්වලට හිමි නොවන බවය.
ප්‍රතිශතය අනුව ගත් කළ බස් ගාස්තුව රුපියලකින් හෝ රුපියල් 2කින් අඩුවෙනු ඇති බවත් මෙම තීරණය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකර ඉදිරි දින 02 තුළ තම ස්ථාවරය දැනුම් දෙන බවත් ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.