බස් දෙකක් ගැටී සිදු වූ බිහිසුණු බස් අනතුර – 16ක් රෝහලට

බස් දෙකක් ගැටී සිදු වූ බිහිසුණු බස් අනතුර –  16ක් රෝහලට

හබරණ – මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ අද (29) උදෑසන බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම මාරගයේ ද්විත්ව වංගුවක් සහිත ස්ථානයක දී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට වාර්තා වනවා.

ඒ අතරට ලංගම බස් රථයේ ගමන්කළ 12 දෙනෙකු සහ පෞද්ගලික බස් රථයේ ගමන් කළ පුද්ගලයින් සිව්දෙනෙකු ඇතුළත්.

පුද්ගලික බස් රථයේ රියදුරගේ අපරික්ෂාකාරී රිය ධාවන අනතුරට හේතුවන්ට ඇති බවට පොලීසියට සැක පළ කරනවා.

Share This