හදිසි ධන වාසනා මතුවන දිනයක් – අද දවස ඔබට කොහොමද
2024.12.13 (සිකුරාදා)
මේෂ
ක්‍රියාකාරකම් බහුල දිනකි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදෙන අතර ආගමික උත්සවද යෙදේ. දුරගමන් යෙදේ. ප්‍රේම සබඳතා නවක මිතුදම් ඇතිවෙයි. අමතර ලාභ ලබයි. සෙම් කෝප, උෂ්ණ රෝග මතුවේ.
වෘෂභ
දුරදිග බලා තීරණ ගත යුතුය. රැවටිලිවලට හසුවීමට ඉඩ තිබේ. අනවශ්‍ය ලෙස විය පැහැදම් ඇතිවෙයි. නව නිර්මාණ ඉදිරිපත් කිරීමට ශුභයි. තම ව්‍යාපාරවල වර්ධනය පෙනේ. රක්ත වාත රෝග මතු කරයි.
මිථුන
අවිවේකී දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වෙයි. සිත් චංචල වෙයි. ආගමික උත්සව වැනි දේවල්වලට සහභාගිවීමට සිදුවෙයි. තම ඥාතීන් සමීප වන ක්‍රියාකාරකම් යෙදේ. මුත්‍රා රෝග සමේ රෝග මතුවේ.
කටක
තරමක් අවිවේකී දිනකි. උත්සව සාද යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. පොදු සේවා වැඩවල දී මූලිකව ක්‍රියාකරයි. ආගමික පුද පූජා ආදියෙහි නිරතව ක්‍රියාකරයි. සිරස ගත රෝගද මතු කරයි.
සිංහ
ශුභා ශුභ මිශ්රඵල ගෙනදෙයි. ප්‍රීති උත්සව යෙදේ. නව නිවාස ලාභ ලැබීම්වලට හේතු ගෙනදෙයි. රැකියාවේ ප්‍රවර්ධනයට හේතුයි. හදිසි ධන වාසනා ඉස්මතු වෙයි. සන්ධි ප්‍රදාහ රෝග සාදයි.
කන්‍යා
තරමක් ශුභඵල ගෙනදෙයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම්වලට හේතුයි. ව්‍යාපාරවල බාධා මතුවෙයි. ආර්ථික වශයෙන් පහත වැටේ. සෙම් බහුලවීමෙන් රෝග සෑදේ.
තුලා
ශුභා ශුභ මිශ්රඵල මතු කරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ප්‍රබෝධමත්ව රැකියාවේ යෙදේ. භූමි ලාභ සම්පත් දායකවන දිනකි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. සිරසගත රෝග ද සාදයි.
වෘශ්චික
ශුභවාදී ඵල ගෙනදෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. විනෝදජනක කටයුතුවල යෙදේ. වැයපස ඉහළ යයි. ආමාශගත රෝග සාදයි.
ධනු
ශුභවාදී ඵල මතු කරයි. තම ඥාතීන් ඒකරාශීව ක්‍රියාකරයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. ප්‍රියසාද වැනි දේ සංවිධානය කෙරේ. දුර ගමන්ද යෙදේ. නව මිතුදම් ඇතිවෙයි. සන්ධි ප්‍රදාහ රෝග ද මතු කරයි.
මකර
ශුභා ශුභ ඵල මතු කරයි. යටපත්ව තිබූ සතුරු බලවේග ඉස්මතුවීමෙන් සිත් චංචල වෙයි. දහමට ද ළැදිවෙයි. ආගමික උත්සව සංවිධානය කෙරේ. වැය පසද තරමක් ඇතිවන දිනකි. මුත්‍රා ආසාදන රෝගවලට හේතුයි.
කුම්භ
ශුභා ශුභඵල දෙන අතර සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. සමිති සමාගම් වැනි දේවලට සහභාගි වෙයි. ප්‍රසාදයට පත් වෙයි. දහමට ළැදිවේ. හදිසි ධන වාසනා මතුවේ. සන්ධි ප්‍රදාහ රෝග ඇතිවේ.
මීන
ශුභා ශුභ මිශ්රඵල ගෙනදෙයි. විනෝද ජනක ක්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන් වෙනුවෙන් තරමක් වැයපස ඉහළ යන ක්‍රියාවන්හි යෙදේ. දහමට ළැදිව ක්‍රියාකරන අතර සන්ධි ඉදිමුම් වැනි රෝග මතු කරයි.