ප්‍රේම සබඳතා වර්ධනය වන දිනයක් – අද දවස ඔබට කොහොමද

ප්‍රේම සබඳතා වර්ධනය වන දිනයක් – අද දවස ඔබට කොහොමද

මේෂ
ක්‍රියාකාරකම් බහුල වෙයි. තරමක් අවිවේකී බව ගෙනදේ. උත්සව සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. ආගමික උත්සව වැඩසටහන්වලට යොමුවෙයි. තරමක් වැය ඉහළයි. සිරස රෝග, මුඛ රෝග මතු කරයි.

වෘෂභ
ගමන් බිමන් බහුල වෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. සුහදතා වර්ධන ක්‍රියා යෙදේ. විනෝද ගමන් ද යෙදේ. දුරස්ථ ඥාතීන් සමීප වෙයි. මිල මුදල් තරමක් වැය කිරීමට සිදු වෙයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතු කරයි.

මිථුන
ක්‍රියාශීලී දිනකි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. දහමට ලැදිව ක්‍රියා කරයි. ආගමික වතාවත් ගරුකරන අතර නවක මිතුදම් ඇති වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. හදිසි ධන ලාබ දෙයි. ආමාශ ගත රෝග මතු කරයි.

කටක
ක්‍රියාකාරී දිනකි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදය දිනයි. තම නිර්මාණ ඇගයීමට පත් වෙයි. නව සැලසුම් ක්‍රියා කිරීමට ශුභයි. හදිසි ලාබ ලබයි. සෙම් කෝප රෝග මතු කරයි.

සිංහ
රාජකාරිවල ප්‍රබෝධයෙන් යෙදේ. ප්‍රීති සාද වැනි දේවල්වලට සහභාගි වීමට සිදුවෙයි. අන් අයගෙන් නැති ලාබ ද ලබයි. මිතුදම් වර්ධනය වන ක්‍රියා යෙදේ. වාතාධික රෝග සන්ධි ප්‍රදාහ මතුවේ.

කන්‍යා
ක්‍රියාශීලී දිනකි. රාජකාරි ස්ථානවල බාධා ඉවත් වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත් වෙයි. දුරස්ථ වූ ඥාති මිත්‍රාදීන් සමීප කරවන කරුණු කාරණා යෙදේ. දහමට ලැදි වේ. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි.

තුලා
ක්‍රියාශීලී දිනකි. තම රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම්වල යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන් යෙදේ. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. බලාපොරොත්තු නොවන ලෙස වැයපස ඉහළයි. මූලාර්ශස් රෝග මතු වේ.

වෘශ්චික
අවිවේකී බව ඇති වේ. රාජකාරිවලදී ඍජු ගුණයෙන් ක්‍රියා කරයි. මහජන ප්‍රසාදයට පත්වෙයි. තරමක් අලස ගති ඉස්මතු වෙයි. මිල මුදල් තරමක් වැය වේ. දහමට ලැදිව ක්‍රියා කරයි. මුත්‍රා ආසාදන මතු වේ.

ධනු
ශුභා ශුභ මිශ්‍ර ඵල මතු කරයි. රැකීරක්‍ෂා ස්ථානවල බාධා ඉවත් වෙයි. තම සැලසුම් වලට තරමක් පීඩා දෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් වර්ධනය වෙයි. ස්නායු ගත රෝග, වාත රෝග සාදයි.

මකර
ශුභා ශුභ මිශ්‍ර ඵල මතු කරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. වැයපස ඉහළ යයි. ණය තුරුස් වීමට ඉඩ තිබේ. ඉදිමුම් රෝග, හන්දි රෝග සාදයි.

කුම්භ
ශුභ ඵල මතු කරයි. නව නිර්මාණකරණයට හේතුයි. ප්‍රීති උත්සව යෙදේ. වැයපස ඉහළයි. රැකීරක්‍ෂාවලදී සතුරු බලපෑම්වලට හේතුයි. දුරස්ථ ඥාතීන් සමීප වෙයි. සෙම් බහුල රෝග සාදයි.

මීන
ශුභ ඵල මතු කරයි. දුර ගමන් යෙදේ. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. වැයපස ඉහළ යයි. ආර්ථික වාසි ද මතු කරයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. නහරගත රෝගාබාධ මතු කරයි.

Share This