නිදහස් මනස රජයන දිනයක් – අද දවස ඔබට කොහොමද

නිදහස් මනස රජයන දිනයක් – අද දවස ඔබට කොහොමද

2024.12.25 (බදාදා)

මේෂ
ක්‍රියාකාරී දිනකි. පොදු සේවා සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. තරමක් නිදහස් මනසින් ක්‍රියාකරයි. ප්‍රීති උත්සව සාද වැනි දේ යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. ස්නායුගත රෝග, නහර වේදනා දෙයි.

වෘෂභ
ක්‍රියාකාරකම් සාර්ථකව ඉටුකරයි. ආගමික උත්සව වතාවත් ගරුකරයි. විනෝද ගමන් වැනි දේවල් යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. වැය ඉහළයි. සෙම් බහුල රෝග දෙයි.

මිථුන
ගමන් බිමන් බහුල වෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. තම ඥාති මිත්‍රාදීන් සමග සුහදතා වර්ධන ක්‍රියා ආදියෙහි යෙදේ. දහමට අවතීර්ණව ක්‍රියාකරයි. හදිසි ධන ලාභද දෙයි. මුත්‍රා ආසාදන රෝග, උෂ්ණ රෝග දේ.

කටක
ක්‍රියාකාරී දිනකි. විනෝද ගමන්, වන්දනා ගමන් වැනි දේවල් යෙදේ. ප්‍රීතිසාද උත්සව වැනි දේ යෙදෙන අතර නවක මිතුදම් ඇතිවෙයි. තරමක් වැයපස ඉහළ යන දිනකි. සන්ධි රෝග, උෂ්ණ රෝග මතු වේ.

සිංහ
ශුභාශුභ ඵලදෙයි. ක්‍රියාශීලි දිනකි. දහමට ළැදිව ක්‍රියාකරයි. ආගමික වතාවත් ගරු කරන අතර තම ඥාතීන්ද දහමට යොමු කරවන ක්‍රියා දියත් කරයි. හදිසි ධනලාභ ගෙනදෙයි. සිරසගත රෝගවලට හේතුයි.

කන්‍යා
නිදහස් මනසින් ක්‍රියාකරයි. පොදුසේවා කටයුතු, දහම් සේවා ක්‍රියා වැනි දේවලට යොමුවෙයි. පූජ්‍ය පක්ෂය සමග ඉතා ළැදි බවක් පෙනේ. මහජන ප්‍රසාදයට පත්වන දිනකි. හදිසි ලාභද ලබයි. ස්නායුගත රෝග, නහර වේදනා ඇතිවෙයි.

තුලා
සුපුරුදු ක්‍රියාවන්වලට අමතර ක්‍රියාකාරකම්වල යෙදෙන අතර පොදු සේවා සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. තවද ධර්මානුකූලව ක්‍රියාකරයි. ආගමික වතාවත්, පුද පූජා ආදියෙහි යෙදේ. අමතර ලාභ ලබයි. සෙම් කෝප රෝග මතු වේ.

වෘශ්චික
තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. තම නිවස සුළුවෙන් හෝ උත්සවශ්‍රියාවක් ගෙනදෙයි. නවක මිතුදම්, ප්‍රේම සබඳතා ඇතිවෙයි. ආගමික වතාවත්, පුද පූජා ආදියෙහි යෙදේ. මුත්‍රා ආසාදන මතු කරයි.

ධනු
ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන්ද තරමක් බහුල වෙයි. ආගමික උත්සව වලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. විනෝද ක්‍රියාකාරකම්වලද යෙදෙන දිනකි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු වේ.

මකර
ක්‍රියාකාරකම් බහුලයි. විනෝද ගමන්, වන්දනා ගමන් වැනි දේට හේතුයි. දානා දී පුණ්‍යකර්ම ක්‍රියාවන්හි යෙදෙන වැයපස ද ඉහළ යන දිනකි. හදිසි ලාභද ලබයි. වාතාධික රෝග මතු කරයි.

කුම්භ
විනෝදජනක ගමන් බිමන් බහුල වෙයි. නවක මිතුදම් ඇතිවෙයි. ආගමික උත්සවවලද යෙදෙන තරමක් මිල මුදල් වැයකරන දිනකි. පොදු සේවා කටයුතුවලද යෙදෙන දිනකි. සෙම් කෝප රෝග මතු වේ.

මීන
සැහැල්ලු සිතින් දවස ගෙවයි. ආගමික වතාවත් පුද පූජා කර්ම වැනි දේවල යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. තම නිවස උත්සව ශ්‍රියාවක් ඇතිවෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු කරයි.

Share This