වාහන මිල අඩුවීම ගැන ලැබෙන ඉඟිය

වාහන මිල අඩුවීම ගැන ලැබෙන ඉඟිය

සියලුම රටවලින් මෙරටට එවන වාහන සඳහා අපනයන පරීක්ෂණ සහතික නිකුත් කිරීමේ බලය  බියුරෝ වෙරිටාස් කාර්යාංශයට ලබාදී තිබෙනවා.

ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකින්.

ඒ අනුව මේ වනවිට රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන 400කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට හැකි වනු ඇති බව සඳහන්.

ඒවා රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන මුදා හැරීමට බාධාවක්ව තිබුණේ එම වාහන මෙරටට ආනයනය කිරීම සඳහා ජපානයෙන් අපනයන පරීක්ෂණ සහතික ලබාගත් සමාගම බවටයි තොරතුරු වාර්තා වුණේ.

ගැසට් පත්‍රය නිකුත්වීමත් සමග ජපානයෙන් ආනයනය කළ වාහන සම්බන්ධයෙන් මතුව තිබූ අර්බුදය අවසාන වනු ඇති බවත් මෙම ගැටළුව නිරාකරණය වනු ඇති.

එම වාහන වෙළඳපොළ පැමිණි විට වාහන මිල පහළ යනු ඇති බවත් වාහන තවදුරටත් රේගුවේ සිර වුවහොත් වාහන මිල ඉහළ යා හැකි බවත් වාහන ආනයනකරුවන් පෙන්වා දෙනවා.

Share This