වාහන සැරසිලිවලට අවසර හිමිවෙයි

වාහන සැරසිලිවලට අවසර හිමිවෙයි

වාහනවල නිර්මාණය (Desing) වෙනස් කිරීම සහ වාහන විකරණ (Modification) කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ, ප්‍රවාහන, මහමාර්ග, වරාය මහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවටයි.

ඒ අනුව මෝටර් රථ පනතේ විධිවිධාන ප්‍රකාරව නිකුත් කරනු ලබන නියෝගයන්ට අනුගතව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව අදළ වෙනස්කම් සිදු කළ යුතුයි.

1983 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද මෝටර් වාහන (තැනීම්) නියෝග වරින් වර සංශෝධනය කරමින්, වාහන විකරණය කළ හැකි ආකාරය සම්බන්ධයෙන් රෙගුලාසි ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කෙරුණා.

කෙසේ වෙතත් පසුගිය කාලයේදී එවැනි නියෝග මඟින් ප්‍රකාශිත වාහන උපාංග සවි කිරීමේ සහ නිර්මාණය වෙනස් කිරීම්වලට අමතරව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර ක්‍රමවේද ඔස්සේ බස් රථ සැරසිලි සහ උපාංග විකරණය සඳහා මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ්වා මෝටර් රථ පනතේ විධිවිධාන පරිදි සිදු කර නොමැති බව සඳහන්.

Share This