ඉන්දීය අගමැති මෝදීගේ ලංකා ගමනය සිදුවන ආකාරය මෙන්න

ඉන්දීය අගමැති මෝදීගේ ලංකා ගමනය සිදුවන ආකාරය මෙන්න

මෙරට සංචාරයේ නිරත වන ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සාම්පූර් සූර්ය බලශක්ති බලාගාරයේ මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගී වනු ඇති බවට ඉන්දීය විදේශ ලේකම් කාර්යාලය සඳහන් කළා.

බලශක්ති සම්බන්ධතාව, ඩිජිටල්කරණය, ආරක්ෂක, සෞඛ්‍ය සහ ප්‍රදාන ආධාර පිළිබඳ අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීමට නියමිත බව සඳහන්.

ඉන්දිය අග්‍රාමාත්‍ය අප්‍රේල් 04 වැනිදා  සිට 06 වැනිදා දක්වා මෙරටට සංචාරයක නිරත වීමට නියමිතයි.

එහිදී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හමුවී සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂිතයි.

නරේන්ද්‍ර මෝදී ශ්‍රී ලංකාවේ රැඳි සිටින කාලය තුළදී අනුරාධපුරයට ගොස් පූජනීය ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගනු ඇති බවයි, විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

 

 

Share This