තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගත් හේතුව මෙන්න

ව්‍යාපාරිකාවක වන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය අද (28) දින පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
හෝමාගම අධිකරණයෙහි රාජකාරියෙහි නිරත පිස්කල් නිලධාරීවරයෙකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙනි.
මේ සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරියම් මහත්මිය නියෝග කර ඇත.
ඒ අනුව අද උදෑසන 9.10 ට පමණ හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණි සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.