TIN අංකය ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න

බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවට අනාවරණ වුණා.
ඒ, මාර්තු මස 13 වැනිදා මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදීයි.
මෙම ක්‍රියාවලිය නිවැරදි ලෙස සිදු කිරීම සම්බන්ධයෙන් කාරක සභාවට වාර්තා කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව සඳහන්.
මෙරට ලක්ෂ 80ක පමණ ශ්‍රම බලකායක් සිටියද බදු දැලට හසුවී ප්‍රමාණය ලක්ෂ 8ක් බවටයි, එහිදී හෙළි වූයේ.
මෙම කාරක සභාවේදී 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සාකච්ඡා කෙරුණා. ඒ යටතේ පුද්ගල ආදායම් බදු සහනය වාර්ෂිකව රුපියල් 1,200,000 සිට රුපියල් 1,800,000 දක්වා වැඩි කිරීමේ යෝජනාව කමිටුවේ අවධානයට යොමු වූ බව සඳහන්.
එමෙන්ම ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩා මගින් මෙන්ම දුම්කොළ සහ මත්පැන් නිෂ්පාදන සඳහා ලාභ සහ ඉපයීම් මත ආදායම් බදු අනුපාතය 40% සිට 45% දක්වා වැඩි කිරීම, සේවා අපනයනය 15% අනුපාතයකින් ආදායම් බද්දට යටත් කිරීම සහ පොලී ආදායම හෝ වට්ටම මත රඳවා ගැනීමේ බදු (WHT) අනුපාතය 5% සිට 10% දක්වා වැඩි කිරීමට ද මෙම සංශෝධනය මගින් යෝජනා ඉදිරිපත් කෙරුණා.
උපයන විට ගෙවීමේ බදුවලට අදාළ (PAYE) දත්ත විශ්ලේෂණය සලකා බැලූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, පවතින දත්තවල දෝෂයක් ඇති බවටයි නිගමනය කළේ.
ඒ අනුව, කාරක සභාවට නිවැරදි දත්ත විශ්ලේෂණයක් ලබා දෙන ලෙස කාරක සභා සභාපති හර්ෂ ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩා මගින් මෙන්ම දුම්කොළ සහ මත්පැන් නිෂ්පාදන සඳහා ලාභ සහ ඉපයීම් මත ආදායම් බදු අනුපාතය 40% සිට 45% දක්වා වැඩි කිරීමේ යෝජනාව ද එහිදී සලකා බැලූ බව සඳහන්.
කැසිනෝ නියාමකයෙකු ස්ථාපිත කිරීමට අමාත්‍යාංශය අපොහොසත් වීම පිළිබඳව කාරක සභාව සිය අප්‍රසාදය පළ කළා.
තවද, පසුගිය වසර 5 තුළ කැසිනෝ හරහා ලැබුණු ආදායම පිළිබඳව කමිටුව විසින් මීට පෙර ඉල්ලා සිටි නිසි දත්ත ලබා දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බවටයි එහිදී අනාවරණ වුණේ.
බදු අභියාචනය සඳහා ගෙවීමට නියමවූ බදුමුදලෙන් 25% ක් ගෙවීමට සිදුවීම පිළිබඳව ද කාරක සභාව විසින් පැමිණ සිටි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියා.