විදුලිය ගාස්තු සංශෝධනය ගැන අලුත්ම ආරංචිය මෙන්න

විදුලිය ගාස්තු සංශෝධනය ගැන අලුත්ම ආරංචිය මෙන්න

විදුලිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පාරිභෝගික යෝජනා ලබන 17 වැනිදා ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව තිබෙනවා.

පළාත් මට්ටමෙන් ආරම්භ කළ මහජන මත විමසීම් මේ වනවිට සිදු කර අවසන් බවයි, මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ.

එම අදහස් සමාලෝචනය කිරීමෙන් අනතුරුව අදාළ වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි.

. විදුලිබල මණ්ඩලයේ නව ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනා මේ මස මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත භාරදෙනු ලැබුවා.

Share This