බිත්තර මිල ගැන අද ගත්ත තීරණය මෙන්න
අද (15) සිට බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසනවා.
එහි සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා ප්රකාශ කළේ, එළැඹෙන උත්සව සමය වෙනුවෙන් අදාළ තීරණය ගත් බවයි.
ග්රෑම් 50ක් බරැති බිත්තරයක් රුපියල් 30ත් 32ත් අතර මිලකට අලෙවි කළ හැකි වනවා.
එමෙන්ම ග්රෑම් 55ට වැඩි ලොකු බිත්තරයක් රුපියල් 33ත් 35ත් අතර මිලකට අලෙවි කිරීමට තීරණය කර ඇති බවයි, ඇන්ටන් අප්පුහාමි මහතා කියාසිටියේ.
මෙම මිලගණන්වලට වෙළෙඳපොළේ බිත්තර සුලභව පවතිනවා.
ඊට වඩා වැඩි මිලකට කිසිදු බිත්තරයක් මිලදී නොගන්නා ලෙස ඔහු පාරිභෝගිකයන්ගෙන් ඔහු ඉල්ලීමක් ද කළා.